×
නබි (සල්) තුමාණන්ගේ ක්රිලයා මාර්ගය සහ භාවනාවේ හෙවත් අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්රටතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්රිටය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්රදසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි ප්රදකාශය යන සියල්ල වෙතට සිත් ඇදුනෙමි.

    මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

    انجذبت إلى الإسلام بآرائه العميقة

    < සිංහල >

    Col.ඩොනල්ඩ්.S.රොක්වෙල් මුහම්මද් ජාවෙද් නොහොත්

    —™

    ජාසිම් බින් දඉයාන්Translator's name:

    Reviser's name:

    මුහම්මද් අසාද්

    ترجمة: جاسم بن دعيان

    مراجعة:محمد آساد

    මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

    මම මුස්ලිම්වරයෙකු වුයේ එහි ඇති ගැඹුරු අර්ථය නිසාය

    මුහම්මද් ජාවෙද්

    arabnews.com පුවත් පත්‍රයේ

    2015 අප්‍රේල් 3 වන දින පළ වු ලිපිය

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්නු දඉයාන්

    සේනාපති ඩොනල්ඩ්.S.රොක්වෙල් කවි ලියන්නෙක්, සාහිත්‍ය විචාරකයෙක්, ලේඛකයෙක්, “Radio Personalities” වැඩ සටහනේ ප්‍රධාන සංස්කාරක සහ ‘Beyond the Brim’ සහ ‘Bazar of Dreams,’ යන කෘතීන්හි කතුවරයා වේ. ආරම්භයේ සිට ඉස්ලාම් දහමට ඔහුගේ සිත් ඇදුනේ, එහි දුටු බලවත් ආයාචනය, එහි සරලතාව, මස්ජිද් සහ සලාහ්වෙහි පවතින වාතාවරණය යන නොයෙක් හේතුන් නිසාය. මේවාට අමතර ව, තවත් ගැඹුරට කැණිම තුළින් ඔහු ඉස්ලාමයට පිවිසීම සඳහා ඉමහත් හේතුන් දිටීය.

    ඔහුගේ වදනට සවන් දෙමු.

    ඉස්ලාමයේ සරලතාව, සිත් ඇදගැනීමේ බලවත් හැකියාව, මස්ජිදයන්හි පවතින සිතට සහන දෙන වාතාවරණය, එම දහම අවංක ව පිළිපදින්නන්ගේ බලවත් උනන්දුව, දෛනික ව පස් වේල නැමදුම් කරන මිලියන ගණන් ජනතාවගේ බලාපොරොත්තු පොලොඹවන සාක්ෂාත් කරණය යනාදී මේ සියල්ල ආරම්භයේ සිටම ඉස්ලාමය කෙරෙහි මගේ සිත් ඇදගගන්නා සුළු අංග විය.

    නමුත්, ඉස්ලාම් දහම පිළිගන්නට මම අධිෂ්ඨාන කර ගත් පසුව, මගේ තීරණය තහවුරු කරන තවත් ගැඹුරු හේතුන් රාශියක් දුටුවෙමි.

    තවද නබි (සල්) තුමාණන්ගේ ක්‍රියා මාර්ගය සහ භාවනාවේ හෙවත් අල්ලාහ්ගේ ආවරණයන්හි (වහී) ප්‍රතිඵලයක් වශයෙන් නිකුත් කළ බුද්ධිමත් උපදේශය, අසරණ සරණය සහ මෛත්‍රිය කෙරෙහි දෙන ලද දැනමුතුකම් යන සියල්ල පෙන්නුම් කළ ජීවිතය පිළිබඳ ප්‍රසන්නතම සංකල්පය, ඒවා සියල්ලට අමතර ව පුළුල් මානව හිතවාදය සහ කාන්තාවන් දේපොළ උරුම කර ගැනීම පිළිබඳව ලබා දුන් පුරෝගාමි ප්‍රකාශය යන සියල්ල වෙතට සිත් ඇදුනෙමි.

    මේවා සහ නබි (සල්) තුමාණන්ගේ ඉගැන්වීම් පදනම් කර ගත් අනිකුත් කරුණු, ඉස්ලාම් ප්‍රායෝගික දහමක් බවට පැහැදිලි සාක්ෂීන් බවට මම දුටුවෙමි. මෙවැනි සංකීර්ණ මාතෘකා සියල්ල මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ අබිරහස් වදනින් කෙටි එහෙත් පැහැදිලි ව, දක්ෂ ලෙස ප්‍රකාශ කර තිබෙන බව දුටුවෙමි. එ තුමාණන්ගේ එක් වදනක් “(ඔටුවා) බැඳ තබා (අල්ලාහ් වෙත) විශ්වාසය තබනු.“ මූලාශ්‍ර අත්තිර්මිදි 2517.

    ඉතාමත් සරල හා දෛනික ක්‍රියාවන් තුළින් පුළුල් ආගමික ක්‍රමවේදයක් නබි (සල්) තුමාණන් අපට කියා දුන්හ. අපෙන් අතපසුවීමක් සිදු වුවත් ඇසට නොපෙනෙන බලවේගයෙන් ආරක්ෂාව ලැබෙන බව පවසන අන්ධ විශ්වාසය එහි නොමැත. එහෙත් අපගේ හැකියාවට එකඟ ව අපි හරියාකාර ව කටයුතු කරන්නේ නම්, අල්ලාහ්ගේ අනුග්‍රහයෙන් ලැබෙන ප්‍රතිඵල ගැන අපට විශ්වාසය තැබිය හැක. අන් ආගම් වලට පුළුල් හදවත සහිත ව ඉවසීම් දක්වන ලෙස, නිදහස ප්‍රිය කරන සෑම කෙනෙකුටම ඉස්ලාම් නිර්දේශ කරයි. පරණ හා නව ගිවිසුම අදහන කිතුනුවන්ට කරුණාවෙන් සලකන ලෙසද ඒබ්‍රහාම්, මෝසස්, ජේසු (අලෛ) යන සියලු දෙනාම එකම දෙවියෙකුගේ නබිවරුන් බව පිළිගන්නා ලෙසද මුහම්මද් (සල්) තුමාණන් දැනමුතුකම් දුන්හ.

    සැබැවින්ම, මෙය අන් ආගම් සියල්ල දක්වන ආකල්පයට වඩා ඉතාමත් උදාර හා බොහෝ දියුණු වූ එකකි.

    ප්‍රතිමාවන්ට නැමදුම් කිරීමෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීම, මුස්ලිම්වරුන්ගේ දේව විශ්වාසයේ ශුභදායක ශක්තියේ හා නිර්මලත්වයේ සංඥාවකි. අල්ලාහ්ගේ නබි (සල්) තුමාණන්ගේ මූලික ඉගැන්වීම් කිසිවක්, නිමාවක් නොමැති වෙනස් කිරීම් හා නවක ආගම්වාද එකතුවීම් වැනි හානියට ගොදුරු වුයේ නැත.

    මුහම්මද් (සල්) තුමාණන්ගේ කාලයේ ජිවත් වූ දූෂණයෙන් පිරුණු බහුදේව වන්දනා කරන ජනතාවට මඟ පෙන්වනු පිණිස එදා පහළ කරන ලද අල් කුර්ආනය, කිසිදු වෙනස්වීමකට ලක් නොවී, ඉස්ලාමයේ පවිත්‍ර හදවත මෙන් ඒ ආකාරයෙන් ම අදත් පවති.

    ඉස්ලාමයේ ප්‍රධාන තේමාවක් වන සෑම අවස්ථාවකම මධ්‍යස්ථතාව සහ අමද්‍යපානය යන සංකල්පය මාගේ සම්පූරණ ප්‍රශංසා ව ලබා ගත්තේය.

    තම ජනතාවගේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂ සැලකිලි දැක්වූ නබි (සල්) තුමාණන්, පිරිසිදුකමද, නියමිත උපවාස ද රැකගන්නා ලෙස පමණක් නොව කාමුක ආශාවන්ට ගොදුරු නොවී ඒවාද තම පාලනය යටතේ තබා ගන්නා ලෙසද අණ කළහ.

    ඉස්තාන්බූල්, දමස්කස්, ජෙරුසලම්, කයිරෝ, ඇල්ජියර්ස්, ටැන්ජියර්, ෆෙස් සහ තවත් නගරයන්හි මවිත කරවන මස්ජිදයන්හි සිට ගත් විට, උසස් ඉලක්කය කරා ගෙන යන ඉස්ලාමයේ අසංකීර්ණ ඇරයුමට දෙනු ලබන බලවත් ප්‍රතිචාරය මට දැනුණි. එහි විසිතුරු සැරසිලි, බොළඳ අලංකාරයන්, ප්‍රතිමාවන්, සංගීත හෝ චාරිත්‍රානුකූල පූජා කර්ම කිසිවක් දක්නට නැත. ඉස්ලාමයේ මස්ජිදය නම් දේවස්ථානය නිස්කලංක භාවනාවට සහ අති උතුම් සැබෑව වන අල්ලාහ් අබියස මිනිසාගේ අධ්‍යාපනය, තතතුරු, පවුල් බලය වැනි උඩඟුකම සහ මහන් තත්ත්වයෙන් බැහැර වීම සඳහා වන ස්ථානයකි.

    ඉස්ලාමයේ පවතින ප්‍රජාතන්ත්‍රවාදය සැමදා මාගේ සිත් ඇදගන්නා තවත් කරුණකි. මස්ජිද් භූමිය තුළ තම දණහිස් මත ඉතාමත් යටහත් පහත් භාවයෙන් නැමදුමෙහි නිරත වන බල සම්පන්න රජු සහ දුප්පත් රටවැසියා එක හා සමාන අයිතින්ට හිමිකරුය. එහි කුලි ගෙවා වෙන් කර ගත් Pews හෙවත් ඉදිරි පෙළේ ආසන සහිත බංකු හෝ ධනවතුන් මුදල් ගෙවා වෙන් කර ගත් විශේෂ ආසන කිසිවක් නැත. මුස්ලිම්වරයෙක් ඔහු සහ ඔහුගේ මැවුම්කරුවා අතර කටයුතු කරන මැදිහත්කරුවෙක් හෝ තැරැව් කරුවෙක් වශයෙන් කිසිවෙක් භාර නොගනී. මැවීමේ සහ ජිවිතයේ ආරම්භක උල්පත වන දෙවියන් වෙත මුස්ලිම්වරයෙක් සාජු ව සිත යොමු කරයි. තම පාපයන් සඳහා දෙවියන් වහන්සේ වෙතට පාපෝච්චාරණය ඉදිරිපත් කරන යම් නියමිත වචන මාලාව හෝ යම් ගාස්තුවකට ඒවා ඉදිරිපත් කර මෝක්ෂය ලබා දෙන බව පෙනි සිටින පුජකවරුන් කෙරෙහි මුස්ලිම්වරයෙක් කිසිසේත් විශ්වාස නොතබයි. මුස්ලිම්වරයෙකුට තිබෙන එකම සෘජු මාර්ගය ඔහු සහ ඔහුගේ මැවුම්කරු පමණය. පූජකවරු, සාන්තවරු, ඒජන්තවරු, පෙරකදෝරු යන කිසිවෙක් ඔහුට අවශ්‍ය නැත.

    ජාතිය, දේශපාලනය, වර්ණය හෝ දේශය වැනි පටු සීමාවන්ගෙන් ඔබ්බට පවතින ඉස්ලාමයේ සර්ව ලෝක සහෝදරත්වය මාගේ ජිවිතයේ කිහිප අවස්ථාවන්හි තියුණු ලෙස දුටුවෙමි. මගේ ජීවිතයේ ප්‍රත්‍යක්ෂ ව මා දුටු මෙම සහෝදරත්වයේ විශේෂාංගය ඉස්ලාම් දහමට මා ඇද ගත් තවත් හේතුවකි.

    නිමි.