×
අසිපත උපකාරයෙන් ඉස්ලාම් ව්යාසප්ත වූ දහමක් බව පැවසීම පදනම් විරහිත මතයක් බව පෙන්වීම ට සාධක දෙකක් ඇත. 1. ඉස්ලාම් හී බල කිරීමක් නැත යන කුර්ආන් වාක්ය 2. අරාබි වරුන් තමන් පරාජය ට පත් කළ ජනතාව ට, ඔවුනොවුන් ගේ ආගම නිදහසේ අනුගමනය කිරීම ට ලබා දුන් අයිති ය

    මුහම්මද් නබි (සල්) තුමාණන් අසිපතින් ඉස්ලාමය පතුරා ජනතාවට දහම පිලිගන්නා ලෙස බල කළේ ද?

    ] සිංහල – Sinhala –[ سنهالي

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2014 - 1436

    هل إنتشر الإسلام بالسيف؟

    « باللغة السنهالية »

    جاسم بن دعيان

    2014 - 1436

    මුහම්මද් නබි (සල්) තුමාණන් අසිපතින් ඉස්ලාමය පතුරා ජනතාවට දහම පිලිගන්නා ලෙස බල කළේ ද?

    අසිපත උපකාරයෙන් ඉස්ලාම් ව්‍යාප්ත වූ දහමක් බව මුස්ලිම් නොවන බොහෝ අය ගේ මතය වී ඇත. මෙය පදනම් විරහිත මතයක් බව පෙන්වීම ට සාධක දෙකක් ඇත.

    පළමු ව, මෛත්‍රියේ සංදේශකවරයා වන මුහම්මද් නබි (සල්) තුමාණන් අල්ලාහ් ගේ අණ තමා පිළිපදින බව ප්‍රකාශ කළහ. ඉස්ලාමය පිළිගන්නා ලෙස ජනතාව ට බල කිරීම වෙනුව ට දහමෙ හි කිසිදු බල කිරීමක් නොමැති බව අල්ලාහ් ප්‍රකාශ කරයි.

    لَا إِكْرَاهَ فِي الدِّينِ “ඉස්ලාම් හී බල කිරීමක් නැත.” සූරා බකරා 2:256.

    මෙම වාක්‍ය පහළ වීම සම්බන්ධ ව රසවත් සිද්ධියක් ඇත. ඉස්ලාමයේ ආරම්භය ට පෙර නබි (සල්) තුමාණන් ගේ මිත්‍රයෙකු ගේ පුතුන් දෙදෙනෙක් ක්‍රිස්තු දහම වැලඳ ගත්හ. මේ පුතුන් දෙදෙනා ම, තම ක්‍රිස්තියානු මිතුරන් කිහිප දෙනෙක් සමඟ මදීනා නුවර ට පැමිණියහ. ඔවුන් දෙදෙනා ම මුස්ලිම් බව ට පත් විය යුතු බව ඔවුන් ගේ පියා තරයේ කියා සිටි නමුත්, ඔවුන් දෙදෙනා ම එය ප්‍රතික්ෂේප කර, නබි (සල්) තුමාණන් වෙත තම ප්‍රශ්නය ඉදිරිපත් කළහ. එම අවස්ථාවේ පියා “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණනි! මගෙන් කොටසක් අපාය ට ඇතුළු වන විට මම බලා සිටින්නේ කෙසේ දැ?” යි ඉතාමත් සංවේගයෙන් විමසීය.

    ආගමෙ හි බල කිරීම තහනම් කරන වාක්‍ය පහළ වුයේ ඒ මොහොතෙහි ය. මෙය ට එකඟ ව පුතුන් දෙදෙනා ම තමා අනුගමනය කළ ක්‍රිස්තු දහමේ රැඳී සිටියහ.

    මෛත්‍රියේ ප්‍රති රූපය වන අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් එම තරුණයන් දෙදෙනා ට ඔවුන් ගේ පියා ගේ කැමැත්ත ට එකඟ ව ඉස්ලාම් ආගම ට පිවිසෙන ලෙස බල කළේ නැත.

    තවත් අල් කුර්ආන් වාක්‍යයක් මෙසේ ප්‍රකාශ කරයි.

    وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَن فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ النَّاسَ حَتَّىٰ يَكُونُوا مُؤْمِنِينَ ﴿٩٩﴾

    “ඔහු ගේ පරමාධිපති සිතුවේ නම්, භූමියෙ හි ඔවුන් සියල්ලෝ ම එක හෙළා විශ්වාස කරන්නෝ ය. එහෙයින් විශ්වාස කරන්නවුන් වන තෙක් ඔබ ජනයා ට බල කරන්නේ ද?” සූරා යුනුස් 10:99. නබි (සල්) තුමාණන් ට එරෙහි ව චෝදනා නගන්නන් පවා, නබි (සල්) තුමාණන් බිය බැතිමත් කම් සහිත කෙනෙක් බව ද සෑම මොහොතෙහි ම අල්ලාහ් ගේ අණ ඉටු කිරීම ට කැමැත්තෙන් සිටින බව ද පිළි ගනිති. එසේ තිබිය දී අල්ලාහ් ගේ පැහැදිලි දිව්‍ය නියෝග උල්ලංඝනය කරන්න ට එතුමාණන් සූදානම් වූ බව පවසන්නේ කෙසේ ද?

    මෙම විෂය සම්බන්ධයෙන් සත්‍ය බව සනාථ කරනු ලැබු තවත් සිද්ධීන් කිහිපයක් ඇත. පුද්ගලයින් පිරිසක ට ඔවුන් ගේ රැකවරණය උදෙසා ටික කලක ට ඉස්ලාමය ට නොපිවිසෙන ලෙස නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. එක් අවස්ථාවක අම්ර් බින් අබස අස්සුලාමි නමැති කෙනෙක් ඈත පළාතක සිට ඉස්ලාමය ට පිවිසීම සඳහා මක්කා නගරය ට පැමිණියේ ය. එම කාල වකවානුවේ මක්කාවේ සතුරන් ගේ පීඩාව ට පත් වෙමින් ඉතාමත් අසරණ තත්ත්වයේ මුස්ලිම් වරු ජීවත් වුහ. නබි (සල්) තුමාණන් ව මුණ ගැසීම පවා අපහසු වී තිබුණි. කෙසේ හෝ නබි (සල්) තුමාණන් ව මුණ ගැසීමට සමත් වු අම්ර් තුමා ඉස්ලාමය ට පිවිසීම ට සිය කැමැත්ත ප්‍රකාශ කළේ ය.

    එහෙත්, මක්කාවේ තම ජනතා ව ගෙන් මහත් අනතුරු දායක තත්ත්වයේ සිටින හෙයින් අම්ර් තුමා එම මොහොතේ ඉස්ලාමය ට පිවිසිය නොයුතු යැයි නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. අම්ර් තුමා සිය පවුලේ අය වෙත ආපසු හැරී යා යුතු බව ද, නබි (සල්) තුමාණන් ගේ ජය සිකුරු වන තුරු ඉවසීමෙන් සිටිය යුතු බව ද ඔහු ට උපදෙස් දෙන ලදී. නබි (සල්) තුමාණන් ව යළි මුණ ගැසී ඉස්ලාමය ට පිවිසීම ට අම්ර් (රළි) තුමා ට හැකි වුයේ වසර 7 ක් හෝ 8 ක ට පසුවය. ඉස්ලාමය ට පිවිසෙන ජනතාව ගේ ආරක්‍ෂාව කුමක් වු වත්, නබි (සල්) තුමාණන් ගේ අරමුණ ඉස්ලාමීය ජන සංඛ්‍යාව වැඩි කර ගැනීම පමණක් නම් එතුමාණන් අම්ර් (රළි) තුමා ට තම පවුලේ අය වෙත හැරී ගොස් ආරක්ෂා සහිත ව ජීවත් වන ලෙස උපදෙස් දෙන්නේ නැත.

    මිනිසුන් යහ මඟ කරා කැන්දන් යනු පිණිස, අල්ලාහ් ගේ නිවේදන ය ඔවුන් වෙත භාර කිරීම සඳහා නබි (සල්) තුමාණන් ඉතාමත් උනන්දුවක් දැක් වූ බව සත්‍යයකි. මෙම උවමනාව පිළිබඳ ව අල් කුර්ආන් පවසන්නේ මෙසේ ය.

    فَلَعَلَّكَ بَاخِعٌ نَّفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِن لَّمْ يُؤْمِنُوا بِهَـٰذَا الْحَدِيثِ أَسَفًا ﴿٦﴾

    “මෙම පුවත ඔවුහු විශ්වාස නොකළේ නම් (ඔවුන් පිළබඳ ව නුඹ) දුක ට පත් ව, ඔවුන් ගේ පියවරවල් මත (ඇතැම් විට) නුඹට ම විනාශ කර ගන්න ට හැකි ය.” (එසේ නොකරවු) සූරා අල් කහ්ෆ් 18:6. මෙවැනි උවමනා තිබුණු නමුත් කිසිවෙකු ගේ කැමැත්ත ට විරුද්ධ ව ඔහු ව මුස්ලිම් බව ට පත් කර ගන්න ට නබි (සල්) තුමාණන් කිසිදු අවස්ථාවක ඉදිරි පත් වුයේ නැත.

    දෙවනුව, ආගමෙ හි බල කිරීමක් නැත යන ප්‍රතිපත්තිය ට එරෙහි ව මුහම්මද් නබි (සල්) තුමාණන් ක්‍රියා කළ බව පෙන්වන ඓතිහාසික සාධක කිසිවක් නැත. පරිපූර්ණ ව ලේඛන ගත කළ මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ ජීවිත කථාවෙ හි, මෙවැනි එක සිද්ධියක් වුව ද සඳහන් වී නැත.

    ආරම්භක අවදියේ ජිවත් වූ බටහිර ඉතිහාසඥයන් මෙවැනි චෝදනා ඉදිරිපත් කළ නමුත්, සමීප කාලයේ සාක්ෂීන් පෙන් වන ආකාරය ට, ආගම වෙනස් වීම ක්‍ෂණික ව, අසිපත ඉදිරියේ බිය ට පත් ව සිදු නොවු බව ද, මුස්ලිම් වරුන් අතර දීර්ඝ කාලයක් ජීවත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රමානුකූල ව සිත් ඇදී සිය කැමැත්තෙන් ඉස්ලාම් දහම ජනතා ව පිළි ගත් බව ද සනාථ කරයි. සැබැවින් ම ප්‍රවීණ ශාස්ත්‍රඥ (Orientalist George Sale) ජෝර්ජ් සාලේ ප්‍රකාශ ක‍ළේ මෙසේ ය. “ඉස්ලාමය අසිපතේ බලයෙන් පැතිරුණු බව කවරෙක් හෝ පවසන්නේ නම් ඔහු ගේ/ඇය ගේ වදන සම්පූර්ණ අසත්‍ය චෝදනාවකි. එය ට හේතුව ඉස්ලාමය පැතිරී ගිය බොහෝ රාජ්‍යය වල අසිපත භාවිතය පිළිබඳ ව කිසිදු අවස්ථාවක සඳහන් වි නැත.”

    ඉන්දියාවේ ජාතියේ පියා ලෙස හැඳින් වන මහාත්මා ගාන්ධි තුමා පැවසුවේ මෙසේ ය. “එම කාල වකවානු වේ ජීවත ක්‍රමයේ ඉස්ලාමය ට ජය ලබා දුන්නේ අසිපත නොවූ බව නිසැකව ම අවබෝධ කර ගත්තෙමි. නබි (සල්) තුමාණන් ගේ සෘජු අවංක භාවය, එතුමා ස්වේච්ඡාවෙන් භාර ගත් සම්පූර්ණ සාමාන්‍යතාව, දුන් පොරොන්දුව සාවධාන ව ඉටු කිරීම ට දක්වන සැලකිල්ල, සිය මිතුරන් සහ අනුගාමීන් කෙරෙහි දක්වන ළැදියාව, එතුමා ගේ වීරත්ත්වය, එතුමා ගේ නිර්භීත කම, අල්ලාහ් කෙරෙහි සහ තම අරමුණ කෙරෙහි දැක් වූ සම්පූර්ණ විශ්වාසය, යන දේ ජය ලබ දෙන්න ට හේතුන් ය.”

    ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ ඉතිහාසඥයෙකු වන ගස්ටාෆ් ලොබොන් ගේ “අරාබි ශිෂ්ටාචාරය” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි. “ඉස්ලාමයේ පැතිරීම ට සාධක වුයේ බලය නොවේ. එය ට හේතු ව අරාබි වරුන් තමන් පරාජය ට පත් කළ ජනතාව ට, ඔවුනොවුන් ගේ ආගම නිදහසේ අනුගමනය කිරීම ට ලබා දුන් අයිති ය වේ.”

    තෝමස් කාලයිල් නම් තවත් යුරෝපියානු ලේඛක යෙක් මෙසේ පවසයි. “ තම දේශනාවන් ට මිනිසුන් ගේ ප්‍රතිචාර ලබනු පිණිස මුහම්මද් (සල්) තුමාණන් අසිපතේ ආධාර බලා පොරොත්තු වූ බව පැවසීම එතුමා ට එරෙහි ව නගන, අවාබෝධ කර ගත නොහැකි, අර්ථ ශූන්‍යය චෝදනාවක් වේ.”

    ඉතිහාසය, තර්ක ශාස්ත්‍රය. විෂය මූලිකත්වය සහ විද්වත් පරීක්‍ෂණය යන සියල්ල, මුහම්මද් නබි (සල්) තුමාණන් තම දහම අකැමැති පොදු ජනතාව මත බලෙන් පැට වු බව පවසන සංකල්පය ප්‍රතික්ෂේප කර ඇත. බොහෝ රාජ්‍යයන් හී ස්ථීර විශ්වාසය මත, ස්වේච්ඡාවෙන්, ඉස්ලාමයේ සත්‍යාතාව ප්‍රකාශ කරමින් විශාල ජනතා පිරිසක් ඉස්ලාමය ට පිවිසුහ. ඉන්දුනීසියාව, මැලේසියාව, චීනය සහ දකුණු ආසියාවේ තවත් රටවල් කිහිපයක් ම මෙම තත්ත්වය ට නිදසුන් ය. මෙම දර්ශනය ඉස්ලාමය වේගයෙන් පැතිරෙන යුරෝපය සහ උතුරු ඇමරිකාව වැනි රටවල් හි අද පවා දක්න ට හැකි වේ.

    ඔබ ගේ අගනා අදහස් අප ට දනවන්න.

    www.sinhala@islamhouse.com