×
නැමදුම, සාමය හා සමාජයේ අවිචාරක හැඟීම් පිළිබඳව මුස්ලිම් බවට පත් වූ බ්රි තාන්ය කාන්තාවන් අදහස් ප්රුකාශ කරති.

    බ්‍රිතාන්‍යයේ ඉස්ලාම් දහමට පිවිසු කාන්තාවන් දෙදෙනෙකුගේ කථා - 2

    ] සිංහල – Sinhala –[ سنهالية

    ද ගාර්ඩියන් ප්‍රවෘත්ති පත්‍රයේ 2013 ඔක්තෝබර 11 වන දින ලෝක ප්‍රවෘත්ති/ඉස්ලාම් පිටුවෙහි පළ වු ලිපි

    සිංහල පරිවර්තනය

    ජාසිම් ඉබ්න් දඉයාන්

    2013 - 1435

    حكاية اسلام عدد من البريطانيات- 02

    « باللغة السنهالية »

    من جريدة جاريان الصادر يوم 11 /10/2013م

    ترجمة: جاسم بن دعيان

    2013 - 1435

    ඇන්ඩ්‍රියා ක්‍රිස්ටි , වයස 47

    උසස් පෙළ පාසැල් ගුරුවරිය

    ඉස්ලාමය, මගේ සදාචාර ධර්මය හා කල් ක්‍රියාව ශක්තිමත් කර ඇත.

    බ්‍රිතාන්‍යයේ උපන් පාකිස්තානු ජාතිකයෙකු හා විවාහ වී වසර 11 ක් සතුටින් ජීවත් වීමි. අපට වයස අවුරුදු 11 පුතෙක් ද වයස අවුරුදු 8 දුවෙක් ද සිටියි.

    මගේ සැමියා වන ෆිදා හා මුණු ගැසුණේ 1991 වර්ෂයේ විශ්ව විද්‍යාලයේදීය. ඉස්ලාමය පිළිබඳව මා දැක් වූ උනන්දුව, ආදරය සහ බුද්ධිමය අදහස් මිශ්‍රයකින් යුතු එකකි. ෆිදාට මුස්ලිම් පවුලක් අව්‍යශ විය. 1992 වසර වන විට ඉස්ලාම් දහම පිළිබඳව මගේ උනන්දුව වර්ධනය වූ හේතුවෙන් ඉස්ලාමයට පිවිසීමට තීරණ කළෙමි. ඉන් පසුව විවාහ වීමට තවත් වසර 3ක් ප්‍රමාද විය. මෙම කාලය තුළ බොහෝ විෂයයන් පිළිබඳව අපි වාද විවාද කළෙමු. පවුලක් වශයෙන් ජිවත් වීම පිළිබඳව ඥාතින් හා මිතුරන් සමඟද බොහෝ දේ සාකච්ඡා කළෙමු.

    මම හැදී වැඩුණේ ජර්මනියේ, ආගමට විශේෂ ස්ථානයක් නොදක්වන පවුලකයි. මගේ පියා අදේවවාදියෙක් වූ නමුත්, මගේ මව සහ මා අධ්‍යාපනය ලැබු පාසැල ආධ්‍යාත්මික භාවය ඉතාමත් වැදගත් දෙයක් බව මා තුළ ස්ථීර විශ්වාසයක් ස්ථාපනය කළේය. මම ඉස්ලාම් දහමට පිවිසු විට මම උමතු වුවා යයි මගේ පියා සිතු නමුත්, මගේ සැමියා ගැන සතුටු විය. කෙසේ වුවත්, “ඔබ කැමති ඕනෑම වේලාවක ආපසු පැමිණිය හැක,“ යැයි පැවසු මගේ පියා කුඩා මහල් නිවසක් මිලට ගෙන මට ත්‍යාගයක් වශයෙන් දුන්නේය. මගේ මව තිගැස්සුණා පමණක් නොව තැති ගත්තාය. අපි පාකිස්තානු චාරිත්‍රයට එකඟව ෆිදාගේ විශාල ඥතීන් පිරිවරා ගත් විවාහය කර ගත්තෙමු. විවාහයෙන් පසුව අපි වෙනත් රටක ජීවත් වීම පිණිස පිටත් වූ විට, එයද මගේ මවට දරා ගත නොහැකි ප්‍රශ්නයක් විය. මුස්ලිම් පසුබිමකින් මනාලියක් ගැන බලාපොරොත්තු වූ ෆිදාගේ පවුලේ අයටද මෙම විවාහය සතුටට හේතුවක් නොවිය.

    මුස්ලිම් වූ එකම හේතුවෙන් වෙනත් ආකාරයක ආඳුමෙන් සැරසිය යුතු යයි මම නොසිතමි. එමෙන්ම මගේ දෛනික ජීවිතයේ හිජාබ් ඇඳ ගත යුතු යයිද මම නොසිතමි. කෙසේ නමුත්, පොදු ස්ථානයන් හි ගැවසෙන විට හෝ නැමදුම් කරන විට හිජාබ් ඇඳ සිටීම ඉතාමත් පහසුවකි. මගේ මව හිජාබ් පිළිබඳව දක්වන දැඩි ස්ථාවර නිසා, ඒ ගැන මම වැඩි සැලකිලි දැක්වන්නේ නැත.

    යුවතියක් වශයෙන් සිටි කාලයේ පවා මම සිහි නුවණ සහිත කෙනෙක් වෙමි. මම මත්පැන් භාවිත නොකළෙමි. තවද මම ගුරු වෘත්තියට අයත් කෙනෙකි. මෙවැනි හේතුන් නිසා මගේ පැරණි ජීවන රටාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ අලුත් ජීවිතයකට පා තබන්නට මට සිදු නොවිය. එහෙත් ඉස්ලාමය මගේ සදාචාර ධර්මය හා කල් ක්‍රියාව ශක්තිමත් කර සතුටින් පිරු පවුල් ජීවිතයකට යහපත් භූමිකාවක් මට දුන්නේය.

    ඔබ සුදු ජාතිකයෙක් වන නිසා, ඇතැම් අවස්ථාවන් හී ඔබ කුසලානයක් ලෙස අධික සැලකිලි ලබනු ඇත. උත්සවයකට ගියහොත් සෑම කෙනෙක්ම ඔබට සහාය වන්නට, මඟ පෙන්වන්නට සහ ඔබව ඔවුන්ගේ රැක වරණය යටතේ ගන්නට උත්සාහ කරන බව නම් සත්‍යයකි. එහෙත්, ඇතැම් අවස්ථාවන්හි මෙම විශේෂ සැලැකිලි හුස්ම හිර වන තරමට අධික වීමද සිදු වේ. එනමුත්. බොහෝ විට නවක ආගමකට පිවිසීමේ ප්‍රශ්නය, මානව ප්‍රශ්නයක් හා කාන්තා ප්‍රශ්නයක් පමණක් බව මම සිතමි.

    ******

    6. නිර්නාමික සහෝදරියක්

    මෘදුකාංග විශේෂඥ, නැගෙනහිර මිඩ්ලන්ඩ්ස්

    මගේ පවුලේ අය මා ගැන සිත් කලකිරීමට සහ ලැජ්ජාවට පත් වන බවද ලෝකය මට අසාධාරණ ලෙස සලකනු ඇතැයි බිය වූ බවද මට හැඟුණි.

    සියල්ල සතුටින් භාරගන්නා, ජේත්තුකාරියක් සහ සෘජුව කථා කරන මම ඉස්ලාමයට පිවිසූ විට, විශ්ව විද්‍යාලයේ ඉස්ලාමිය ශිෂ්‍ය සංගමයේ සියලු දෙනාම මා ගැන කථා කරන්නට වූහ. විශ්ව විද්‍යාලයේ මුස්ලිම් වරුන් ප්‍රථම වරට මුණ ගැසු විට මම කුතූහලයට පත් වුයෙමි. අල් කුර්ආනය අධ්‍යනය කරන්නටද කුර්ආන් උගන්වන දේ ගැනද මම අවධානය යොමු කළෙමි. වසර දෙකක් පසු වු විට මගේ 23 වන වියෙහි ඉස්ලාමිය ෂහාදා ප්‍රකාශ කළෙමි.

    මගේ පවුලේ අය සීක් දහමට අයත් වන බව දැන ගත් මුස්ලිම්වරු බොහෝ දෙනෙකුට මෙය මහත් ප්‍රහේලිකාවක් විය. මුස්ලිම් සොයුරියන් බෙහෝ දෙනෙකුගේ දුරකථන අංක මට දෙනු ලැබු අතර, බොහෝ දෙනෙක් මා මුණ ගැසෙන්නට උනන්දුවක් දැක් වුහ. ටික කලකින් මේවා සියල්ල නැවති, නිශ්ශබ්ද විය. ඒ සොයුරියන් කාර්ය බහුල අය බවට පත් වු විට මගේ හිතට මහත් වේදනාවක් ගෙන දුනී. දැන් මම තනි වී හුදකලාවේ කාලය ගෙවමි.

    මම තවම විවාහ වුයේ නැත. මම මගේ පවුලේ අය සමග ජිවත් වෙමි. මගේ පවුලේ අය ආගම අනුගමනය නොකරන පන්ජාබි සීක් වරුන්ය. මගේ ඇතැම් ඥාතීන් සහ සික් මිතුරන් මගේ වෙනස් වීම පිළිබඳව නොදැන සිටින නමුත් අල් කුර්ආන් ග්‍රන්ථය මම ඔවුන්ගෙන් සඟවා තබන්නේ නැත. මම ඉස්ලාමය ඉතාමත් සියුම් ලෙස අධ්‍යයනය කරන බව මගේ පවුලේ අය දැන ගත යුතු යයි සිතමි. එවිට මම අවශ්‍ය තොරතුරු හොඳින් දැන ගෙන මෙවැනි තීරණයක් ගත් බව ඔවුන් අවබෝධ කර ගනී. ඉස්ලාම් දහම එක්තරා නිදහසක් හා ශාන්ත භාවයක් මට දුන්නේය. ජීවිතයේ ලැබෙන ඕනෑම දෙයක් පිළිගැනීමට සහ තරඟකාරිත්වයෙන් තොරව ජිවත් වීමට මම පුරුදු වුයෙමි. එහෙත් මගේ පවුලේ ඇතැම් අය මා ගැන සිත් කලකිරීමට හා අපහසුතාවට පත් වන බවද, ලැජ්ජාවට ලක් වන බවද ලෝකය මට අසාධාරණ ලෙස සලකනු ඇතැයි ඔවුන් බිය වන බවද මට හැඟුණි.

    මුස්ලිම් බවට පත් වීම එතරම් පහසු දෙයක් නොවේ. ඇතැම් මිනිස්සු ඔබේ දේව විශ්වාසය ගැන සිත් රිදෙන කථා කියති. අරාබි සංස්කෘතියට අයත් ඇඳුමෙන් සැරසී ඉතා බැතිමත්ව පෙනී සිටින මුස්ලිම් සොයුරියන් සමග සමීපව ආශ්‍රය කිරීම දුෂ්කරයි. ආපන ශාලාවන් හි රාත්‍රි සාදයෙන් පසු මිතුරන්ට සමුදීමේ හාදු දීම තවත් අපහසුයි. සාදයට යන්නට මමත් කැමතියි. එතැනට මම තවමත් යමි. මගේ පෙනුම ගැන මා ආඩම්බරවෙමි. අලංකාරවත් ලෙස සැරසෙන්නට, පලඳින්නට හා අඩි උස සපත්තු දාන්නට මම කැමතිය. ආරම්භක අවදියේ, මම ශරීරය සම්පූර්ණයෙන් ආවරණය කර ගෙන සාදයන්ට ගියෙමි. රැකියාවට යන විට හිජාබ් පැලඳගෙන ගොස් හැරී ගමට එන විට එය ගලවා දැමුවෙමි. එම ක්‍රමය මම ද්විත්ව ජීවතයක් ගත කරනවාක් මෙන් පෙණුනු අතර. එයින් මම පීඩාවට සහ වෙහෙසට පත් වුයෙමි. අවසානයේ එම වංක ජිවිතය අත හැර දැමුවෙමි.

    හැකි ඉක්මණින් විවාහ වීමට මම කැමති වන නමුත්, මට ගැළපෙන සැමියෙක් සොයා ගන්නේ කෙසේ ද? කාන්තාවන් සමඟ සමීපව ආශ්‍රය කිරීම හරාම් (තහනම්) බව බොහෝ මුස්ලිම්වරු සලකති. මම තවම බාහිරව ලොවට පෙනෙන්නට ප්‍රසිද්ධියේ නොසිටින නිසා මුස්ලිම් තරුණයන්ට මා වැනි කෙනෙක් සිටිනවා දැයි දැන ගැනීම මඳක් අසීරුය.